ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන ආරාධිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 4ක ජයක් වාර්තා කිරීමට SLC Greys කණ්ඩායම සමත් වුණා.
මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් SLC Greys ඉනිම පන්දුවාර 10කට සීමා කෙරුණා.
Greys පිතිකරුවන් නියමිත පන්දුවාර 10 නිමා කළේ කඩුලු 3ක් දැවී ලකුණු 137ක් රැස් කරමින්. ඉනිමේ දැවී ගිය කඩුලු 3 ලකුණු 43 දී බිද වැටුණු අතර අනතුරුව 4 වැනි කඩුල්ල සදහා ලකුණු 94ක නොදිබුණු සබදතාවයක් ගොඩ නැගීමට කමිල් මිෂාර සමඟ නායක දසුන් ශානක සමත් වුණා.
කමිල් මිෂාර පන්දු 24කින් ලකුණු 46ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 7ක් සමගින්.
මෙවර තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය පන්දු 22කින් වාර්තා කළ දසුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 55කි. ඔහුගේ ඉනිම හයේ පහර 3කින් හා හතරේ පහර 5කින් වර්ණවත් වුණා.
පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු පන්දුවාර 2ක් තුළ ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ SLC Greens ඉනිම අතරවාරයේ දී ද වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වූ බැවින් ඔවුන්ගේ ඉනිම පන්දුවාර 8කට පළමුව සීමා කෙරුණේ ලකුණු 111ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමිනි.
කෙසේ වෙතත්, පන්දුවාර 5.3ක් අවසානයේ තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරගය අවසන් කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.
ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ Greys කණ්ඩායමට ලකුණු 4ක ජයක් හිමි විය.
තරගය නිමා කරන විට Greens කණ්ඩායම කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 69ක්.
ඉනිමට ප්‍රවේගකාරී ආරම්භයක් ලබා දුන් ළහිරු උදාර ලකුණු 33ක් පන්දු 10කින් වාර්තා කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමගිනි පැතුම් නිස්සංක ලකුණු 21(12)කට දුවද්දී දැවී ගියා.
පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා පන්දුවාර 2 ක් තුළ ලකුණු 21කට කඩුලු 2ක් බිද හෙලීමට සමත් වුණා.
මේ වන විට Greens කණ්ඩායම ක්‍රීඩා කළ තරග 4ම පරාජයට පත්ව ඇති අතර, Greys කණ්ඩායම ක්‍රීඩා කළ තරග 4ම ජය ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්.