මෙරට රෝහල්වල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා අවශ්‍ය ඔක්සිජන් රැගෙන ඒමට ඉන්දියාවට ගිය නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව ඔක්සිජන් රැගෙන එම මේ වන විට ආරම්භ වී තිබේ.
ඉන්දීය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා 2021 අගෝස්තු 17 දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත් වූ ශක්ති නෞකාව අගෝස්තු 18 පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟා වී ඇත.
එම සායනික ඔක්සිජන් තොගය රැගත් ශක්ති නෞකාව අද(20) අළුයම චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත්වී තිබෙනවා.
එමෙන්ම තවත් සායනික ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් සංග්‍රාමික යුද්ධෝපකරණ සහ සැපයුම් ප්‍රවාහනය සඳහා යෝදාගනු ලබන ශක්ති නම් නෞකාවක්ද ඉන්දියාවේ විශාඛාපට්නම් වරායෙන් ඊයේ(19) රාත්‍රියේ ශ්‍රී ලංකාව බලා පිටත් වුණා.
ඔක්සිජන් රැගත් මෙම නෞකාවන් 2021 අගෝස්තු මස 22 වන දින සවස සහ 23 උදෑසන කොළඹ වරායට පැමිණීමට නියමිතයි.