පාස්කු ප්‍රහාරයට විරෝධය පා සෑම නිවසකම කළු කොඩියක් ඔසවන්න – කාදිනල් හිමියන් ඉල්ලයි

0
153

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුනොවීමට විරෝධය පළකරමින් අද(21) සෑම නිවසකම කළුකොඩි ඔසවන ලෙස අගරදගුරු පදවිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව පවසමින් කතෝලික සභාව ඉකුත් ජුලි මස ජනාධිපතිවරයාට පිටු 19 කින් යුත් ලිපියක් ද යොමුකර තිබුණි.

ප්‍රහාරයට වගකිවයුතු අය නිසි ලෙස මෙතෙක් හෙළිදරව් කිරීමට රජය අපොහොසත්වීම හේතුවෙන් කතෝලික සභාව විසින් අද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දිවයින පුරා කළුකොඩි එසවීමට තීරණය කර ඇත.

අද පෙරවරු 8.45ට දේවස්ථානවල මළ සීනුව නාද කර බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය සිහිකිරීමට නියමිත අතර පෙරවරු 8.45 සිට 9.45 දක්වා දේවස්ථානවල යාඤා මෙහෙයක් පැවැත්වීමට නියමිතයි.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජනතාවට විරෝධය ප්‍රකාශ කිරීමට ඒකරාශී කිරීමට අදහස් නොකරන බවත්, පවතින ආසාධාරණ වැඩපිළිවෙලට එරෙහිව මෙම කළු කොඩි විරෝධය සඳහා එක්වන ලෙස කාදිනල් හිමිපාණන් ඉල්ලා සිටියි.

කාදිනල් හිමිපාණන් විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින්,