වනිදු හා චමීර ට IPL වරම්

0
167

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් එක්වීමට මෙරට ක්‍රීඩකයින් දෙදෙනෙකුට අවස්ථාව හිමි ව තිබේ.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරටයි.

එම කණ්ඩායම නියෝජනය කළ ඇඩම් සම්පා වෙනුවට වනිදු හසරංග ආදේශ කර ඇති අතර දුෂ්මන්ත චමීර ද එම කණ්ඩායම සමග ගිවිසුම් ගත ව අත්තේ ඩැනියල් සෑම්ස් වෙනුවටයි.

පසුගියදා ඉන්දියාව සමග පැවැති විස්සයි 20 තරගාවලියේදී ඔවුන් සිය දක්ෂතා පෙන්නුම් කර තිබුණි.

කොවිඩ් වසංගතය හේතුවෙන් අතරමග නවතා දැමුණු 2021 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

දින 27ක් තුළ දී තරග 31ක් පවත්වා අවසන් කිරීමට නියමිතව ඇති අතර, අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 15 වනදා ඩුබායි හීදීයි.