අභාවප්‍රාප්ත මංගල වෙනුවෙන් දේශපාලන නායකයින් තැබූ සටහන්

0
189

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදු කලේය.

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මංගල සමරවීර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.

සතියකට වැඩි කාලයක් එහි ප්‍රතිකාර ලබමින් සිටි සමරවීර මහතා අසාධ්‍යව සිට ඔක්සිජන් ලබාදීමක් ද සිදුකළ බව වාර්තා වේ.

කෙසේ වෙතත් සමරවීර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය උත්සන්න වීමෙනි.

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ වඩාත් කතාබහට ලක්වුණු චරිතයක් වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ නික්මයෑම වෙනුවෙන් දේශපාලකයින් රැසක් ශෝක සටහන් තබා තිබේ.

ඒ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක, සමගි ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකද වේ.