දසුන්ගේ ආදර්ශමත් නායකත්වය *Video

0
196

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ආරාධිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් කණ්ඩායම ඊයේ(24) සමත් වුණා.

තරඟාවලිය පුරා දස්කම් දැක්වූ ග්‍රේස් කණ්ඩායමේ නායක දසුන් ශානක තරගාවලියේ වීරයා ලෙස පත් වූ අතර ඒ වෙනුවෙන් ලද මුදල් කළුබෝවිල රෝහලට පරිත්‍යාග කරන බව දසුන් ශානක පවසනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“රටේ තත්වෙ ගොඩක් දරුණ අතට හැරිල කියල හැමෝටම පේනවා , ඒ වගේම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයොන්ව දැනුවත් කරල තියෙන්නෙ කලුබෝවිල හොස්පිටල් එකේ වෙන Unit එකක් හදනව කියල ෆික්ස් වෙන්ටිලේටර් එකක් හයි කරන්න

ඒ වෙනුවෙන් තරගාවලියේ වීරයා විදියට මට ලැබුණ සම්පූර්ණ මුදලම මන් පරිත්‍යාග කරනවා ,ඒ වගේම අපේ කණ්ඩායමට ලැබුණු මුදලිනුත් මුදලක් පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවා “