විස්සයි 20 තරගයකදී කඩුලු 7 ක් ලබා ගත් පළමු පන්දු යවන්නිය බවට පත් වීමට නෙදර්ලන්ත කාන්තා Pacer Frederique Overdijk සමත් විය.
20 හැවිරිදි Frederique Overdijk පසුගිය බ්‍රහස්පතින්දා කාර්ටේනා හි පැවති අයිසීසී කාන්තා විස්සයි 20 ලෝක කුසලාන යුරෝපීය තරඟාවලියේ ප්‍රංශ කාන්තාවන්ට එරෙහිව මෙම දස්කම වාර්තා කළාය.
දකුණත් මද වේග පන්දු යවන්නෙකු වන ඇය පන්දු වාර 4 ක් තුළ කඩුලු 7 ක් දවාලමින් ලබා දුන්නේ ලකුණු 3 ක් පමණි.
ඇය දවා ගත් කඩුලු 7න් 6ක් පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගිය අතර එක් කඩුල්ලක් එල්.බී.ඩබ්ලිව්. ලෙස සටහන් විය.
මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ප්‍රංශ ක්‍රීඩිකාවන් ඕවර 17.5 කදී ලකුණු 33 කට සීමා වූ අතර නෙදර්ලන්තය ඕවර 3.3 කදී එය හඹා ගොස් ජයග්‍රහණය වාර්තා කළහ.
මීට වසර කිහිපයකට පෙර මාලදිවයිනට එරෙහිව ඕවර 2.1 කදී කඩුලු 6 ක් බිඳ හෙලමින් නේපාලයේ අංජලී චෑන්ඩ් විසින් තබා තිබූ වාර්තාව පසු කිරීමට Frederique Overdijkක් මෙම තරඟයේදී සමත් විය.
ඇය මේ දක්වා ඇයගේ වසර දෙකක වෘත්තීය දිවිය තුළ විස්සයි 20 තරගය 8 කට ක්‍රීඩා කර ඇති අතර ඇය පන්දු යැවීමේදී 14.00 ක සාමාන්‍යයක් සහිතව කඩුලු 11 ක් දවා ගෙන ඇත.