ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ඉසුරු උදාන මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරඟාවලියට එක්ව සිටී.
ඔහු නියෝජනය කරනු ලබන්නේ ට්‍රින්බෙගෝ නයිට් රයිඩර්ස් (TKR) කණ්ඩායමයි. ඊයේ(27) පැවති TKR සහ බාබේඩොස් රෝයල්ස් (BR) කණ්ඩායම් අතර තරඟයෙන් TKR කඩුලු 6ක ජයක් වාර්තා කළේය.
විස්සයි 20 පිටියේ දී ඉසුරු උදාන වාර්තා කළ හොදම පන්දු යැවීමෙන් හා කිරන් පොලාඩ්ගේ වේගවත් අර්ධ ශතකය හේතුවෙන් මෙම තරගයෙන් ජය වාර්තා කිරීමට ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බාර්බඩෝස් කණ්ඩායම පන්දුවාර 19.2ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 122ක් පමණයි.
අසාම් ඛාන් ලකුණු 30ක් ද, ග්ලේන් පිලිප්ස් ලකුණු 24ක් ද, ෂායි හෝප් ලකුණු 20ක් රැස් කළා.
පන්දු යැවීමේ සුපිරි දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන සිය පන්දුවාර 4 තුල ලකුණු 21ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දී බිද හෙලූ කඩුලු ගණන 5ක්.
එය CPL ඉතිහාසයේ දී පන්දු යවන්නෙකු ප්‍රදර්ශනය කළ 6 වැනි හොදම පන්දු යැවීමේ දක්ෂතාවය වීම ද විශේෂත්වයක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් පිතිකරුවන් පන්දුවාර 16.5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
නායක කිරන් පොලාඩ් පන්දු 30කින් වේගවත් ලකුණු 58න් නොදැවී රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය අතර ඔහුගේ ඉනිම හයේ පහර 6කින් හා හතරේ පහර 3කින් වර්ණවත් වුණා.
දිනේෂ් රම්දින් නොදැවී ලකුණු 29ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී මොහොමඩ් අමීර් ලකුණු 21කට කඩුලු 3ක් බිද හෙලුවා.