මුහුණු පොතෙන් හමුවූ අනියම් පෙම්වතා සිය සැමියාගේ ත්‍රිරෝද රථයෙන් නිවසට පැමිණි අවස්ථාවේ දෙවියන් සිහි වූ කාන්තාවක පිළිබඳව කොළඹට නුදුරු ගමකින් වාර්තා වන සිදුවීමකි.
ඔහු ත්‍රිරෝද රථ රැකියාවේ නිරත වූවෙකි. මෑතකදී විවාහ වී ඇති අතර බිරිඳ රූමත් ඔහුට වඩා බෙහෙවින් වයසින් අඩු තරුණියකි.
ඔහු උදෑසන ත්‍රිරෝද රථය රැගෙන ප්‍රදේශයේ ත්‍රිරෝද ගාල වෙත යන අතර බිරිඳ නිවසේ සිට දවස පුරාම මුහුණු පොතේ කාලය ගත කරන්නීය.
ඇයගේ රූමත් ඡායාරූප මුහුණු පොතේ දිනපතා පළවූ අතර ඇතැම් තරුණයන් ඇගේ රූමත් කම දැක මුහුණු පොතෙන් ඇය සමග සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ කර තිබේ.
එලෙස සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ දැරූ තරුණයකු පිළිබඳව ඇයට සිතක් ඇති වී පසුව එය ප්‍රේමයක් දක්වා වර්ධනය වී තිබේ.
කෙසේ වෙතත් ඇය මුහුණු පොතේ හෝ එම තරුණයාට කිසිම විටකදී තමා විවාහක කතක් බව හඟවා නොමැති අතර ඔහු නිතරම ඇයට ඇවිටිලි කර ඇත්තේ ඇය මුණගැසීමට අවශ්‍ය බවය.
සැමියා උදේ ගොස් හවස පැමිණෙන බැවින් කිසිදු බාධාවක් නොමැති බැව් දැනගත් ඇය ඔහුට ඇය සිටින නිවසට පැමිණෙන මාර්ගය කියා දිවා කාලයේ පැමිණෙන ලෙස දන්වා තිබේ.
නියමකර ගත් දින ඇය ඔහු පැමිණෙන තුරු බලා සිටි අතර ඇය සොයා පැමිණි තරුණයා ඇගේ නිවසට යාමට ගොඩවී ඇත්තේ ඇයගේ සැමියාගේ ත්‍රිරෝද රථයටයයි.
කිසිවක් නොදත් ඔහු ඇය කී මාර්ගය ඔස්සේ ගමන් කරන ලෙස ත්‍රිරෝද රථ රියදුරු වන තම පෙම්වතියගේ පුරුෂයාට පවසා ඇත.
මවිතයට පත් ඔහු නිවස වෙත පැමිණ වාහනය නතර කරද්දී සැමියා අවේලාවේ පැමිණීම පිළිබඳව මවිතයෙන් බලද්දී ත්‍රිරෝද රථයෙන් බසින මුහුණු පොතේ පෙම්වතා දුටු ඇයට දෙවියන් සිහි වී තිබේ.
කාරණය ඔහුගෙන්ම අසාගත් ඇයගේ සැමියා ගේ තුළට ගොස් ඇය සොයද්දී ඇය ඒ වන විටත් පස්සා දොරෙන් අතුරුදන්ව ඇති අතර පසුව සොයා බලද්දී ඇයගේ මවුපියන්ගේ නිවසින් ඇය මතුව තිබේ.
ඇයගේ මවුපියන්ට කාරණය පැවසූ ඔහු නැවත වරදක් නොකරන පොරොන්දුව මත ඇයට සමාව දී ඇති අතර ඇය පසුව මුහුණු පොතෙන් ඉවත් වූ බව ද ආරංචි විය.