2020 පැරා ඔලිම්පික් තරගාවලියේ හෙල්ලය විසි කිරීමේ තරග ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියාන් හේරත් සමත්ව තිබෙනවා.
F46 තරග ඉසව්වෙන් මිටර් 67.79ක් දුරක් හෙල්ලය විසි කිරීමෙන් රන් පදක්කම දිනා ගත් ඔහු මෙම තරග ඉසව්වේ ලෝක වාර්තාවට ද හිමිකම් කීමට සමත් විය.
මෙවර පැරා ඔලිම්පික් තරගාවලියේදී හෙල්ලය විසි කිරීමේ F-64 ඉසව්වෙන් සමිත දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වුවා.
එහිදී සමිත දුලාන් කොඩිතුවක්කු මිටර් 65.61ක් දුරක් හෙල්ලය විසි කිරීමෙන් මෙම දස්කම දැක්වීය.
එම දර්ශන පහතින්,