ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පලමු තරඟය හෙට

0
144

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර හෙට(02) ආරම්භ වන එක්දින තරඟාවලියේදී පිතිකරුවන් 6 දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ නිත්‍ය පන්දු ‍යවන්නන් 3 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි.

දග පන්දු යවන්නන්ගෙන් වැඩි කඩුලු සංඛ්‍යාවක් ලබා ගත හැකි නම් දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම සදහා සිය කණ්ඩායමට පැහැදිලි අවස්ථාවක් පවතින බව ඔහු පවසයි.

තරගාවලියේ වැඩි වාසි ශ්‍රී ලංකාව සතු බව අද(1) පැවැති අතථ්‍ය මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේය.

කඩුලු රකින පිතිකරු ලෙස පළමු තරගය සදහා මිනෝද් භානුක හෝ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙකු ක්‍රීඩා කරනු ඇති බවයි නායක දසුන් ශානක සදහන් කළේ.

“මිනෝද් භානුක ආරාධිත තරගාවලියේ අවසන් තරගයේ දී දක්ෂතා අතරට ආවා. චන්දි අයියත් දිගටම දක්ෂතා අතර හිටියා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි; මොකද කුසල් අයියා (කුසල් ජනිත්) තාම කණ්ඩායමට ඇතුළත් වෙලා නැහැ. ඒ දෙන්නගෙන් එක් කෙනෙක් තරගයට අනිවාර්යයෙන් යොදා ගන්න බලාපොරොත්තුවෙනවා.” යනුවෙන් දසුන් ශානක කියා සිටියා.

එක්දින තරගාවලියේ තරග 3ම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මනා අවස්ථාවක් පවතින බව ද දසුන් මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සදහන් කළා.