දෙවැනි එක්දින තරඟය අද – ප්‍රසාද ලකුනු සටහනේ 5 වීමට අවස්ථාවක්

0
165

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද(04) පැවැත්වෙනවා.

දිවා රාත්‍රී තරඟයක් ලෙස එම තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු එක්දින තරඟයෙන් ලකුණු 14ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

මේ අතර ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට ශ්‍රී ලංකාවට එරෙහි අද තරඟයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී තිබේ.

ඒ අනුව, දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කේෂව් මහරාජ්ට හිමිව ඇත.

ශ්‍රී ලංකාව මෙම තරඟය ගය ගතහොත් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමේ හැකියාවක් ඇත.

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්,