සතියකට පෙර සුනීල් පෙරේරා කළ ස්තූති කථාව

0
137

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී දින 25 කට ආසන්න කාලයක් රෝහල් ගතව සිට නැවතත් නිවසට පැමිණීමෙන් පසු තමන්ට සහ බිරිඳට උපකාර කළ පිරිස් වෙත සුනිල් පෙරේරා මහතා විසින් ස්තුතිය පුද කරනු අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.

”මේ වෙලාවේ මම ස්තුතියි කරන්න ඕන නවලෝක රෝහලේ සභාපති ජයන්ත ධර්මදාස ඇතුළු රෝහලේ සියලුම වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයට.

ඒ අය ගේ උපකාරය නිසයි මටත් මගේ බිරිඳටත් දින 25 කට පසුව මේ වගේ කොවිඩ් වෛරසයෙන් බේරිලා නැවත නිවසට එන්න පුළුවන් උනේ.

අපි වෙනුවෙන් සුවය පැතු සියලුම හිතවතුන්ට, රසික රසිකාවියන්ට මේ වෙලාවේ මම ස්තුතියි කරනවා.”

රෝහලෙන් පිටව දින කිහිපයකට පසුව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායන ශිල්පි හා සංගීතවේදී සුනිල් පෙරේරා මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ.

අභාවප්ප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 69 කි.

එම වීඩියෝව පහතින්,