ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු T20 තරඟය අද – ආරම්භක වේලාව සංශෝදනය කෙරේ

0
133

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය අද (10) ආරම්භ වේ.

ඒ අනුව, පළමු විස්සයි 20 තරඟය අද රාත්‍රී 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මීට පෙර සියලු තරග රාත්‍රී 8ට ආරම්භ කිරීමට නියමිතව ඇති බවට සදහන්ව තිබූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ සියලු තරග රාත්‍රී 7ට ආරම්භ කරන බවයි.

කොවිඩ් ආසාදිතව සුවය ලැබු ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා අද තරඟය සඳහා සහභාගි වනු ඇති බව වාර්තා වේ.

එක්දින තරඟාවලිය සඳහා සහභාගි නොවු දකුණු අප්‍රිකාවේ ක්වින්ටන් ඩි කොක් සහ ඩේවිඩ් මිලර් අද තරඟයේ දී කණ්ඩායමට එක්වීමට නියමිතව තිබේ.