ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය පහසුවෙන් ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.1කදී ලකුණු 103කට සියලු දෙනා දැවී ගියේය.
පළමු පන්දු ඕවර 6 නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 51ක් රැස්කර ප්‍රබල ස්ථානයක පසුවිණි.
නමුත් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ට හොඳින් ලකුණු රැස්කිරීමට හැකියාව නොලැබිණි.
කුසල් පෙරේරා පන්දු 25කදී ලකුණු 30ක් ලබාගත් අතර භානුක රාජපක්ෂ ලබාගත්තේ ලකුණු 20ක් පමණි.
පන්දු යැවීමෙන් ඒඩන් මාක්‍රම් සහ ටබ්රෙයිස් ශම්සි කඩුලු 3 බැගින් දවාගත්හ.
ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 104 කඩුලු එකක් පමණක් දැවී ලබාගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වුහ.
ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වූයේ පන්දු ඕවර 14.1ක් පමණි.
පළමු කඩුල්ල සඳහා රීසා හෙන්ද්‍රික්ස් සහ ක්වින්ටන් ඩි කොක් ලකුණු 62ක් එක් කළහ.
රීසා හෙන්ද්‍රික්ස් ලකුණු 18යි.
ක්වින්ටන් ඩි කොක් නොදැවී 58යි. එය ඔහුගේ 10 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර අර්ධ ශතකය විය.
ඒඩන් මාක්‍රම් නොදැවී ලකුණු 21යි.
ඒ අනුව තරඟ 3න් සමන්විත තරඟාවලිය මේ වනවිට 2 – 0 ක් ලෙස ජය ලැබීමට ඔවුන් සමත් වී තිබේ.