ආණ්ඩුවේ ප්‍රභල රාජ්‍ය අමත්‍යවරයෙකු සිය යහළුවන් සමඟ ඊයේ (12) වැලිකඩ බන්ධනාගාරය වෙත බීමතින් පැමිණ යකා නටා ඇති බව ද මෝර්නින් පුවත්පත වාර්තා කරනවා.
එම පුවත්පත සදහන් කරන්නේ අදාළ රාජ්‍ය අමාත්‍යවරයා සිය මිතුරන් හට එල්ලුම් ගහ පෙන්වීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බවයි.
අදාළ රාජ්‍ය අමාත්‍යවරයා පවුල් දේශපාලන පසුබිමක්ද සහිත පුද්ගලයෙක් බවත් ඔහු පිස්තෝලයක්ද අතැතිව සිය මිතුරන් සමඟ බන්ධනාගාර පරිශ්‍රය වෙත ඇතුළු වී ඇති බවත් එම පුවත්පතෙහි සදහන්.
රාජ්‍ය අමාත්‍යවරයාගේ ඇතැම් යහළුවන් කොට කලිසම් හැඳ සිට ඇති අතර ඔවුන් සියලුම දෙනා දැඩි ලෙස බීමත්ව සිට තිබෙනවා.
බන්ධනාගාර මූලාශ්‍ර සදහන් කර ඇත්තේ ඉන් මත්වී සිටි ඇතැමෙක් බන්ධනාගාර භූමිය තුළ ඇඳවැටුණු බවයි.
බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව බීමතින් සහ අසංවරය ඇදුමින් සැරසී පැමිණෙන්න කිසිවකුටත් බන්ධනාගාරය තුළට ඇතුළු වීමට ඉඩ නොමැති අතර රාජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු මෙම පිරිස සිදුකළ විනය විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙසට බන්ධනාගාර නිලධාරින් සිය උසස් නිලධාරීන්ට පැමිණිලි කිරීමට ද සූදානමක් ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කර ඇත්තේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් තමන් කිසිවක්නො දන්නා බවයි.