මුහුණු පොත හරහා හඳුනාගත් පෙම්වතිය එන්නත විදගැනීමට පැමිණි පසු පෙම්වතා විසින්ම ප්‍රේම කතාව නිමකළ අපූරු කතාවක් දකුණු පළාතේ එන්නත්කරණ මධ්‍යස්ථානයකින් වාර්තා වෙයි.
දකුණු පළාතේ ප්‍රධාන නගරයක රජයේ කාර්යාලයක සේවය කළ නිලධාරියකු සිය මුහුණු පොත හරහා හඳුනාගත් තරුණියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගියේය.
මුහුණු පොත හරහා සංවාද කළද දෙදෙනා දෙදෙනාට හමුවීමක් සිදුකළේද නැත. තරුණිය රූමතියක් වූ අතර එයට සරිලන අයුරින්ම තරුණයාද කඩවසම් අයෙක් විය.
නගරයේ කාර්යාලක සිටි ඔහුට හිටිගමන්ම වාගේ ග්‍රාමිය ප්‍රදේශයක කාර්යාලයකට ස්ථාන මාරුවීමක් ලැබුණේය.
නව සේවා ස්ථානයේ වැඩ බාරගෙන සිටින අතර තුර කොවිඩ් එන්නත්කරණ වැඩසටහන්වල පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ රාජකාරිවලට යාමටද ඔහුට සිදුවිය.
වයස අවුරුදු විස්සත් තිහත් අතර පිරිසට එන්නත් ලබාදීමේ වැඩසටහනට සහභාගි වී සිටි තරුණ නිලධාරියාට කාන්තාවක් කුඩා දරුවකුද වඩාගෙන විත් හැඳුනුම්පත ලබාදුන්නාය. හැඳුනුම්පතෙහි ඇති ඡායාරූපය සහ නම දුටු තරුණයා එකවරම පුදුමයට පත්විය.
මුහුණු ආවරණයක් සමග මුඛ ආවරණ දෙකක් පැළඳ සිටි තරුණ නිලධාරියා හඳුනා ගැනීමට තරුණියට නොහැකි විය. දරුවාද රැගෙන බෙහෙත් වීදිමට පැමිණියේ ඇයි දැයි ඔහු තරුණියගෙන් විමසූ අතර සැමියා විදේශ ගතව සිටින නිසා දරුවාද සමග පැමිණි බව ඇය පැවසුවාය.
ලියාපදිංචි කටයුතු කඩිනමින් ඉටුකර දී කාන්තාව සමග එන්නත්කරණ ස්ථානයට ගොස් එන්නතද කඩිනමින් ලබාදී ඇය පිටත්කර හැරියේය. තමන් රාජකාරි කර ස්ථානයට පැමිණ සමීපතම යහළුවකුට සිද්ධිය පවසා සිත් තැවුලෙන් යුතුව තරුණ නිලධාරියා පිටව ගියේය.
තරුණයා මෙම කතාව පැවසූ මිතුරාගෙන් කාර්ය මණ්ඩලය පුරාවටම සිද්ධිය පැතිර ගිය අතර තරුණයා ටික දිනක් නිවාඩු ලබාගෙන නිවෙසේ රැඳී සිට පෙම්වතියටද කතාව පවසා සම්බන්ධය නතර කර දමා ඇත.