සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි 20 තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්වීමත් සමගින් ශ්‍රී ලංකාව කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී 10 වැනි ස්ථානය දක්වා පහත වැටී තිබේ.
මෙම තරගාවලිය ආරම්භ වනවිට ශ්‍රේණිගත ලකුණු 235 ක් ලබාගනිමින් ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායමෙන්, තරගාවලිය අවසන් වනවිට ශ්‍රේණිගත ලකුණු 6 ක් අඩුවී ඇත.
ඒ අනුව ශ්‍රේණිගත ලකුණු 229 කට හිමිකම් කියමින් විස්සයි20 ලෝක කුසලාන හඹා යාමට ශ්‍රී ලංකාවට සිදුවේ.
දකුණු අප්‍රිකාව ශ්‍රේණිගත ලකුණු 246 ක් සමගින් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානයේ පසුවූ අතර තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමත් සමගින් ඔවුන්ට ශ්‍රේණිගත ලකුණු 4 ක් අලුතෙන් එක්වී ඇත. නමුත් ඔවුන් සිටි ස්ථානයේ වෙනසක් සිදුවී නොමැත.
දකුණු අප්‍රිකායව සමගින් පැවැති විස්සයි 20 තරගාවලිය ජයගැනීමෙන් විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්හී ස්ථාන කිහිපයක් ඉදිරියට යෑමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේය.
එංගලන්තය ශ්‍රේණිගත ලකුණු 278 ක්, ඉන්දියාව ශ්‍රේණිගත ලකුණු 266 ක්, පාකිස්තානය ශ්‍රේණිගත ලකුණු 261 ක් සහ නවසීලන්තය ශ්‍රේණිගත ලකුණු 257 ක් ලබාගනිමින් පිළිවෙලින් ශ්‍රේණිගත කිරීම්හී පළමු, දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්ථානයන්හී පසුවෙති.
බංග්ලාදේශය (241), ඕස්ට්‍රේලියාව (240), ඇෆ්ඝනිස්තානය (236) සහ බටහිර ඉන්දීය කොදෙව් (234) යන රටවල් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී පිළිවෙලින් හය, හත, අට සහ නමවැනි ස්ථාන හිමිකර ගනිමින් ශ්‍රී ලංකාව අභිබවා ගොස් සිටින සෙසු රටවල් වේ.
