සමුගත් සැණින් මාලිංගගේ ක්‍රිකට් වාර්තාවක් ඩේවිඩ්ගේ නමට

0
186

පන්දුවාර විස්ස ක්‍රිකට් තරග වලදී වැඩිම අවස්ථා සංඛ්‍යාවකදී කඩුළු 5 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් බිද හෙළමින් ලසිත් මාලිංග පිහිටවා තිබූ වාර්තාව බිද වැටී තිබෙනවා.

ඒ, ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස තරග බිමෙන් ඉවත් වන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගතවු අවස්ථාවේදී වීම විශේෂත්වයක්.

ලසිත් මාලිංග මෙම වාර්තාව බිහිකර තිබුණේ පන්දුවාර විස්ස තරගවලදී කඩුලු 5 ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් අවස්ථා 5 කදී බිද හෙළමින්. මාලිංග එම දස්කම දක්වා තිබුණේ විස්සයි විස්ස ඉනිම් 289 කදීයි.

මේ වන විට එම වාර්තාව බිද හෙළනු ලැබ ඇත්තේ වර්තමානයේ නැම්බියාව නියෝජනය කරන ඩේවිඩ් වීස් නම් වූ වේග පන්දු යන්නා විසින්. ඒ, ඉනිම් 225 කදී කඩුලු 5 ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් අවස්ථා 6 කදී බිද හෙළමින්.

ඊට අමතරව පකිස්තානයේ ශහීන් ෂා අෆ්රිඩි හා බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් අවස්ථා 4 කදී මෙම දස්කම දක්වා තිබෙනවා.