‘‘මැණිකේ මගේ හිතේ‘‘ ඇමෙරිකාවට ගිය හැටි

0
200

නවක ගායිකා යොහානිගේ ගායනයෙන් ජනප්‍රිය වූ සතිෂන්ගේ ගීතයක් වන “මැනිකේ මගේ හිතේ” ගීතය එක්සත් ජනපදයෙන් ද ඇසෙන්නට පටන් ගෙන තිබේ.

ඇමරිකාවේ ජනප්‍රිය ළමා වයලීන් වාදකවරියක වන කැරොලිනා ප්‍රෙට්සෙන්කො විසින් මෙම ගීතය තම වයිලීයෙන් වාදනය කරනු ලැබූ, අපූරු වීඩියෝවක් ඇය සමාජ ජාලයට මුදා හැර තිබේ.

වයලීනයක් වාදනය කරමින් කැලිෆෝනියාවේ සැන්ටා මොනිකා හි වීදි වල සැරිසරන ඇය කෙටි කලකදී ලොව පුරා ජනප්‍රියත්වයට පාත්‍ර වූයේ සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රසිද්ධියක් ලබා ගනිමිනි.

ඒ අනුව ඇගේ අලුත්ම වීඩියෝව ශ්‍රී ලංකාවේ “මැනිකේ මගේ හිතේ” ගීතයයි.

ගෙවුණු මාස තුන තුළ යූ ටියුබ් සමාජ ජාලයේ ලොව වැඩිම නැරඹුම් වාර ගණනක් ලබා ඇති මුල්ම ගීත අතරට මෙම “මැණිකේ මගේ හිතේ” ගීතය පැමිණ ඇත්තේ පස්වැනි ස්ථානයටයි.

මේ වන විට මෙම වීඩියෝව යූටියුබ් සමාජ ජාලය තුල නැරඹුම් වාර මිලියන 117 පසු කර අවසන්.

කැරොලිනා ප්‍රෙට්සෙන්කො විසින් වයිලීයෙන් වාදනය කරනු ලැබූ ඒ අපූරු වීඩියෝව පහතින්,