ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ගැන මේ කරුණු දැන සිටියාද ?

0
151

Janssen Pharmaceuticals සමාගම විසින් නිපදවන ලද ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් පසු ඉතා ඉහළ ප්‍රතිශක්තියක් ඇතිවෙන බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇති බව වාර්තා විය.

අමෙරිකාවේ සිදුකළ එම පර්යේෂණයෙන් හෙළිවී ඇත්තේ පළමු මාත්‍රාව ලබාදී මාස දෙකකට පසුව දෙවැනි මාත්‍රාව ලබාදීමෙන් 94%ක ප්‍රතිශක්තියක් ඇතිවන බවය.

එමගින් කොවිඩ් -19 මගින් ඇතිකරන බොහෝ සංකූලතා සඳහා ආවරණයක් ලැබෙන බව පර්යේෂකයෝ පවසති.

මෙතෙක් ලොව භාවිත කෙරෙන එක් මාත්‍රාවක් පමණක් ලබාදෙන එකම කොවිඩ් මර්දන එන්නත වන්නේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත ය. එමගින් 70%ක ආරක්ෂාවක් ලැබේ.

මෙම දත්ත ඔස්සේ එහි දෙවැනි මාත්‍රාව, බූස්ටර් මාත්‍රාවක් ලෙස ලෙස ලබාදීමෙන් ලැබෙන ආරක්ෂාව පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට එම සමාගම බලාපොරොත්තු වෙයි.