මාලිංග වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් තැබූ සටහන – “සුකු’මාලි’ නුඹ තමා”

0
185

වාර්තා පිට වාර්තා පිහිටුවා පසුගියදා ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ඔහුගේ අනාගත දිවිය සදහා ලොව නන්දෙසින් තවදුරටත් සුබ පැතුම් ලැබෙමින් පවතිනවා.

එමෙන්ම ඔහු ක්‍රීඩාව වෙනුවෙන් දැක් වූ දායකත්වය වෙනුවෙන් ලැබෙමින් පවතින ගුණ ගායනාවලද අඩුවක් නැහැ.

විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා ලෙස ලසිත් මාලිංග පසුගියදා ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළේ ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන නාමයක් සනිටුහන් කරමින්.

ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ මෙහෙය නිසා ශ්‍රී ලංකාව මෙන්ම මුම්බායි ඉන්දියන්ස් ප්‍රමුඛ ලීග් කණ්ඩායම් සදහා හිමි වූ ජයග්‍රහන මෙතකැයි ද කිව නොහැක.

යෝකර් පන්දුවේ රජු ලෙස සැලකෙන ලසිත් මාලිංග වෙනුවෙන් මුම්බායි කණ්ඩායමේ සමාජ ජාලා ගිණුම් තුළින් ද මේ දිනවල නිරතුරුවම විවිධ සටහන් පල කරනු දක්නට ලැබෙනවා.

මෙම සටහන වෙනුවෙන් ඔවුන් අලංකාර සිතුවමක් ද සමගින් සුවිශේෂී සටහනක් තබා තිබුණා.

2019 වසරේ දී ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් පිටියේ සිය අවසන් පන්දුව යොමු කළේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට යළිත් වරක් අයි.පී.එල් ශූරතාවය හිමි කර දීමට පුරෝගාමියා වෙමින්.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් මහා තරගයේ දී ලැබූ එම ජයග්‍රහනය සිහිපත් කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය සමාජ ජාලා පිටුවලට සිතුවමක් සමග සටහනක් පල කර තිබුණි.

මේ දිනවල ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල වඩාත් ජනප්‍රිය “මැණිකේ මගේ හිතේ” නම් ගීතයේ කොටසක් ද මෙම සටහනට ඇතුළත් කර තිබීම කැපී පෙනනවා.

එම සටහන අවසන් කර තිබුණේ “සුකු’මාලි’ නුඹ තමා” යනුවෙන්.

එම සටහන පහතින්,