පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කෙරුණු නිල තේමා ගීතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (23) එළිදක්වා තිබේ.
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 17වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භවීමට නියමිතය.
ඒ සඳහා නිර්මාණය කළ නිල තේමා ගීතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එලෙස එළිදක්වා තිබුණි.
එම ගීතය වෙනුවෙන් සංගීතය නීර්මාණය කර තිබුණේ ඉන්දියාවේ සුපිරි සංගීතවේදී අමිත් ත්‍රිවේදී විසිනි.
3D සහ 2D තාක්ෂණය හරහා ඒ වෙනුවෙන් විඩියෝ නිර්මාණය සිදුකර ඇත.
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි, කොදෙව් ක්‍රිකට් නායක කයිරන් පොලාඩ්, ඔස්ට්‍රේලියා වේග පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්, ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන්ගේ රුව එහි සජීවිකරණයට ලක්කර තිබේ.
එම ගීතය පහතින්,