රුසියාවේ මොස්කව් නුවර පැවති ජාත්‍යන්තර හමුදා බොක්සිං තරඟාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගයානි කලුආරච්චි විසින් ලෝකඩ පදක්කමක් දීනා ගැනීමට සමත්වූවාය.
ඇය කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ බිමට පිවිස තිබුණි.
මෙවැනි ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩා ඉසව්වකින් ලංකික ක්‍රීඩිකාවක් විසින් ලෝකඩ පදක්කමක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය අංශය පවසයි.
ජාත්‍යන්තර හමුදා බොක්සිං තරඟාවලිය මෙවර පවත්වා ඇත්තේ 58වන වරටයි.