කිරන් පොලාඩ් තැබූ ළගා වීමට අපහසු අතිශය විරල ලෝක වාර්තාව

0
177

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ ඊයේ (28) පැවති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර තරගයේදී විරල ලෝක වාර්තාවකට උරුමකම් කීමට මුම්බායි ඉන්දියන් කණ්ඩායම නියෝජනය කරන කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් සමත් වුණා.

පංජාබ් කිංග්ස් ඉනිමේ 07 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ පොලාඩ්, එහි දෙවන සහ සිව්වන පන්දුවලට පිළිවලින් ක්‍රිස් ගේල් සහ කේ.එල්. රාහුල් දවා ගත්තා.

එම කඩුලු දෙකත් සමග පොලාඩ් මේ වන විට විස්සයි 20 පිටියේ බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 300ක්.

ඒ අනුව 34 හැවිරිදි සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් වාර්තා අතර එක් වුණේ විස්සයි 20 පිටියේ දී ලකුණු 10,000 ක් හා කඩුලු 300 ක් වාර්තා කළ ප්‍රථම ක්‍රීඩකයා ලෙසයි.

පොලාඩ්ට අමතරව ක්‍රිස් ගේල්, ඩේවිඩ් වෝනර්, ෂොයිබ් මලික් සහ විරාට් කෝලි යන ක්‍රීඩකයන් ද විස්සයි 20 පිටියේ දී ලකුණු දස දහසේ සීමාව අභිබවා ගොස් තිබෙනවා.

පොලාඩ් හැරුණු විට සෙසු ක්‍රීඩකයින් සිව් දෙනා අතරින් වැඩිම විස්ස විස්ස කඩුලු ලාභියා වන ෂොයිබ් මලික් බිඳ හෙලා ඇත්තේ කඩුලු 152ක් පමණයි.