ඔන්ලයින් ආ ශුක්‍රාණුව තනිකඩව සිටින කතක් ගැබිනියක් කරයි

0
270

තනිකඩව සිටින බ්‍රිතාන්‍ය මවක් ඔන්ලයින් මාර්ගයෙන් ශුක්‍රාණු සහ ශුක්‍රාණු ඇතුළත් කිරීමට අවශ්‍ය උපකරණ කට්ටලයක් මිලට ගෙන යූ ටියුබ් නිබන්ධන බලා දරුවෙකුට උපත දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු යෝක්ෂයර් හි 33 හැවිරිදි ස්ටෙෆනි ටේලර් නැමැති කාන්තාවක් මෙලෙස දරුවෙකු බිහි කර ඇත.

ඇයට තවත් දරුවෙකු සිටින් අතර අලුත උපන් දරුවාට “ඊඩන්” ලෙස නම් තබා තිබේ.

තවත් දරුවෙකුගේ අවශ්‍යතාවය තිබුනත් සහකරු නොමැතිකමින් සාඵල්‍යතා සායනයක දී පවුම් 1600 ක් ගෙවන ලෙස පවසා ඇත. එම නිසා පසුව ඇය මෙම මර්ගයට පිවිස තිබේ.

ඇය Ebay වෙතින් සංසේචන කට්ටලයක් මිලදී ගෙන ඇති අතර Just eBaby යෙදුම හරහා ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු සොයා ගෙන තිබේ.

සති ගණන් පණිවිඩ යැවීමෙන් පසු 2020 ජනවාරි මාසයේ දී පරිශීලකයා විසින් ශුක්‍රාණු ඇයගේ නිවසට යවා තිබෙන අතර ඉන් පසුව ටේලර් යූ ටියුබ් නිබන්ධනය නරඹා සංසේචන කට්ටලය භාවිතා කරන්නේ කෙසේදැයි දැනගෙන තිබේ.

සති දෙකකට පසු ඇය ගැබ් ගෙන තිබෙන අතර පසුගිය වසරේ ඔක්තෝබර් 15 වෙනිදා ඊඩන් උපත ලබා තිබේ.

තම පුත් ෆ්‍රැන්කි එකම දරුවා වීමට ඇයට අවශ්‍ය නැති නිසා ඇය මෙම තීරණය ගත් බව ටේලර් පවසා තිබේ.

ඇයගේ මෙම තීරණය නිසා ඇගේ මව සහ සහෝදරිය මහත් උද්දාමයට පත් වූ බව පැවසූ නමුත් ඔන්ලයින් ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු මාර්ගයෙන් ළදරුවෙකු ලබා ගැනීමේ තීරණයට ඇගේ පියා අකමැතිවී සිටියත් සුළු කාලයකින් ඔහුද එයට කැමැත්ත පල කර තිබේ.

“ඇය පුදුමාකාර තැනැත්තියක් වන අතර අනාගතයේදී ඇයට තවත් දරුවන් ලැබීමට අවශ්‍ය නම් මම ඇයට සතුටින් උපකාර කරන බව” පරිත්‍යාගශීලියා පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.