යොහානිගේ බලාපොරොත්තුව

0
108

ඉදිරියේ දී තමන්ගේ ම නව ගීතයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා පවසයි.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ, ඉන්දියාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් වන ZEE TV සමඟ සජීවීව සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.

ප්‍රශ්නය – ඔබ කවද්ද හිතුවේ අමිතාබ් බච්චන්, මධුරි ඩික්සිත් වගේ තරුවක් වෙයි කියලා. හැමෝම ඔබේ ගීතයට නර්තන ඉදිරිපත් කරලා තිබ්බා. කවද්ද දැනගත්තේ මගේ ගීතය ප්‍රසිද්ධ වුණා කියලා?

“මම නිවැරදි නම් ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 23 විතර වනවා. මේ ගීතය මිලියන 20 ඉක්මවද්දී මම හිතුවා ශ්‍රී ලංකාවට ලොකු දෙයක් කියලා. නමුත් මේ ගීතය ඉන්දියාව ඇතුළු විදෙස් රටවලට ගිහින් මිලියන 20 ඉක්මවා ගියාම මම උන්මාදයට පත්වුණා.”

ප්‍රශ්නය – ඔබේ රසිකයින්ට දෙන පණිවිඩය මොකක්ද?

“හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. මගේ සංගීතයත් සමඟ ඉන්න. ඉදිරියේදී මම ඇල්බමයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ අලුත් ගීතයක් ඉක්මනින්ම නිකුත් වනවා. මගේ සංගීතයට උදව් කරන්න.ගොඩාක් ස්තූතියි.”

මේ අතර, “මැණිකේ මගේ හිතේ ” ගීතයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරය දිනාගත් නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වාගේ පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංගය ඊයේ (30) ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වුණි.

මේ අතර බොලිවුඩ් චිත්‍රපටයක හින්දි භාෂාවෙන් පසුබිම් ගායනයට දායක වීමටත් යොහානිට අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.

ඇය ගායනා කළ නවතම හින්දි ගීතය ද මෙරට ගායිකාවක් ගැයූ , අඩුම කාලයක් තුළ යූ ටියුබ් නැරඹුම් වාර මිලියනයක් පසුකළ ගීතය බවටද පත්ව තිබේ.

මැණිකේ මගේ හිතේ ගීතයෙන් දෙස් විදෙස් රසික ජනතාවගේ ආදරය දිනාගත් නව පරපුරේ ජනප්‍රිය ගායිකාවක වන යොහානි ද සිල්වාගේ පළමු ජාත්‍යන්තර ප්‍රසංගයට සහභාගීවීම සඳහා පසුගියදා ඉන්දියාව බලා පිටත්ව ගියේය.

එළඹෙන 03 වනදා ඇය ගුරුග්‍රම් සහ හයිද්‍රාබාද් යන නගරවලද ප්‍රසංග කිහිපයක් පැවැත්වීමට නියමිතයි.