බෙලිහුල්ඔය, පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කර අන්තර්ජාලයට එක් කිරීම හේතුවෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන අධි චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ යුවලට මාස 03ක සිරදඩුවමක් අධිකරණය විසින් නියම කර ඇත.
එම යුවල වරද පිළිගැනීමෙන් පසුව බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ට රුපියල් 10800 ක දඩයක් සහ මාස තුනක සිර දඬුවම් නියම කර එය වසර 07කට අත්හිටුවීමට බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කර තිබෙනවා.
ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක් සහ මහරගම ප්‍රදේශයේ 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුට මෙම දඬුවම නියම කර ඇත.