තුන් වන ”හිරු මෙගා ස්ටාර්ස්” කිරුළ ඩිෂ්නි රාජපක්ෂ සහ ලලිත්ට *Video

0
38

සුපිරි රංගන තරු, නර්තන තරු ලෙස අභිෂේක ගන්වන රියැලිටි කලාවේ පෙරළිකාර වැඩසටහන ‘හිරු මෙගා ස්ටාර්ස්’ Season 03 කිරුළ ඩිෂ්නි රාජපක්ෂ සහ ලලිත් දෙපළ සතු කර ගැනීමට ඊයේ (02) සමත් වුණා.

රූපවාහිනිය, සිනමාව, නිරූපන ක්ෂෙත්‍රය නියෝජනය කරන, හැඩකාර, දඟකාර නළු නිළි යුවළ 32ක් මෙම අතිශය තරඟකාරී රියලිටි වැඩසටහන වටා එක්රොක්ව සියියා.

ඩිස්නි රාජපක්ෂ සමඟ ලලිත්, ඉරේෂා අසංකි සමඟ සලා‍‍, ශනුද්‍රි ප්‍රියසාද් සමඟ කවිඳු යන නිළියන් ප්‍රමූඛ වූ නර්තන යුවළ අතරේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ එකම රංගන ශිල්පියා වූයේ කැලු‍ම් ශ්‍රී සහ ඔහුගේ සහායිකාව වූ අශානි යි.

අවසන් සංග්‍රාමයේ පළමු නර්තන වටයේදී තරග වැදුණේ ඩිස්නි රාජපක්ෂ සමඟ ලලිත් සහ ඉරේෂා අසංකි සමඟ සලා‍ යි.

එහිදී වැඩි ප්‍රේක්ෂක මනාපයෙන් අවසන් තරග වටය සඳහා ඩිස්නි රාජපක්ෂ සමග ලලිත් පියමැන්නේ ඉරේෂා අසංකිගේ හිරු මෙගාස්ටාර් කිරුලේ සිහිනය බොඳ කරමින්.

දෙවැනි නර්තන වටයේදී තරග වැදුණේ ශනුද්‍රි ප්‍රියසාද් සමඟ කවිඳු සහ කැලුම් ශ්‍රී සමග අශානි යි.

තරගකාරී මෙම වටයේදී වැඩි ප්‍රේක්ෂක මනාපයෙන් අවසන් අධියරට පියමනින්නට ශනුද්‍රි ප්‍රියසාද් සහ කවිඳු සුදුසුකම් ලැබුවේ අවසන් වටයට පිවිස සිටි එකම තරගකරුවා වූ කැලුම් ශ්‍රී ගේ මෙගාස්ටාර් සිහිනය තවත් දුරස් කරමින්.

ඒ අනුව හිරු මෙගාස්ටාර් කිරුළ සඳහා අවසන් සටනට පිවිසුනේ ශනුද්‍රි ප්‍රියසාද් සමග කවිඳු සහ ඩිෂ්නි රාජපක්ෂ සමග ලලිත් යුවළයි.

හිරු මෙගාස්ටාර් වේදිකාව වර්ණවත් කළ මේ නර්තන ශිල්පීන් එකිනෙකා පරයමින් සිය කුසලතා ප්‍රකට කළේ අවසන් සටනේ උණුසුම තවත් වැඩි කරමින්.

වේදිකාවේ දැක්වූ නර්ථන පෙළහරට ලද ප්‍රේක්ෂක මනාපයෙන් හිරු මෙගාස්ටාර් සීසන් 03 කිරුළ දිනා ගන්නට ඩිෂ්නි රාජපක්ෂ සමඟ ලලිත් සමත් වුණා.

ඒ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන රුපියල් ලක්ෂ 15ක අති විශාල තෑගි මල්ලත් සමගින්.

මෙම ත්‍යාගය සහ ජයග්‍රාහී යුවළ වෙත අදාළ කුසලාන පිරිනැමීම සිදුකෙරුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අතින්.

අවසන් වටයේ දෙවැනි ස්ථානය දිනාගත් ශනුද්‍රි ප්‍රියසාද් සමග කවිඳු යුවළ වෙත රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් ද පිරිනැමුණා.