පැය 06 කට පසු ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් යතා තත්වයට

0
227

ෆේස්බුක් වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් යන සමාජ මාධ්‍ය ජාල පැය 06 ක පමණ කාලයක් පුරා බිඳ වැටීමකට ලක්වුණා.

ලොව පුරා ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාල පරිශීලකයින් මිලියන 10.6 ක් පමණ මෙම තත්ත්වයට මුහුණ දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්ත කර තිබුනේ.

එලෙස බිඳවැටීමට ලක්වුණේ ෆේස්බුක් සමාගම හිමිකාරීත්වය දරණ සමාජ මාධ්‍ය ජාල කිහිපයක්.

මේවනවිට එම බිඳවැටීම යථාතත්ත්වයට පත් කර ඇති බවයි ෆේස්බුක් ආයතනයට නිවේදනය කර ඇත්තේ. ෆේස්බුක් මාධ්‍ය ජාලයේ ඇතිවූ විශාලතම බිඳ වැටීම මය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම බිඳවැටීම හේතුවෙන් සිදුවූ අපහසුතාවන්ට ෆේස්බුක් සමාගම සිය ග්‍රාහකයින්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.