“මැණිකේ මගේ හිතේ ” ගීතයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරය දිනාගත් නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් පළවිය.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය යොහානි ද සිල්වා ගෙන් ඉල්ලීමක් කළේය.
ඒ, “යොහානි ද සිල්වා ඉන්දියාවම හෙල්ලුවා. මෙතන ඉන්න සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන් මාත් එක්ක එකතු වෙන්න, ඇය මේ රටට ගෙනාවේ ලොකු කීර්තියක්.
හැබැයි මම කියනවා..යොහානි මගේ මැණික, ඔබේ ජනප්‍රියතාවය දේශපාලනයට දෙන්න එපා. මොකද ඒක භයානකයි,” යනුවෙනි.