අවිශ්ක සහ දසුන්ගෙන් 6 පහර 10ක් – ලංකාවට ලකුණු 19ක ජයක්

0
164

ඕමානයට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 162ක් රැස් කළේය. 

එහිදී අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 83ක් සහ නායක දසුන් ශානක නොදැවී ලකුණු 51ක් ලබා ගත්තේය. 

එහිදී අවිශ්ක සහ දසුන් 6 පහර 5 බැගින් 6 පහර 10ක් වාර්තා කළේය.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඕමාන කණ්ඩායමට ලකුණු 163ක් ලබාගත යුතුව තිබුණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඕමාන කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 143ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව දෙරට අතර පළමු විස්සයි 20 තරගය ලකුණු 19 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.