අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිගු පිටි මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 10කින් ඉහළ නංවන බව ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් සඳහන් කළේය.
මේ අතර ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව ලිට්රෝ සහ ලාෆ් සමාගම් ප්‍රකාශ කළේය.
කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති යන අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පැවැති පාලන මිල පසුගියදා රජය විසින් ඉවත් කරනු ලැබීය.
ඒත් සමඟ නිෂ්පාදන පිරිවැයට සාපෙක්ෂව නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට අදාළ සමාගම් මෙලෙස කටයුතු කර තිබේ.