යොහානි සල්මාන්ට මැණිකේ මගේ හිතේ ගීතය ඉගැන්වූ හැටි *Video

0
143

“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ජාත්‍යන්තරය දිනූ යොහානි ද සිල්වා ඉන්දියාවේ අතිශය ජනප්‍රිය ‘බිග් බොස්’ වැඩසටහනේ විශේෂ ආරාධිතයා ලෙස ඊයේ සහභාගී වුණි.

ඉන්දීය රූපවාහිනි නාලිකාවක යොහානි සිය දක්ෂතා පෙන්වූ පළමු අවස්ථාව මෙයයි.

අන්තර්ජාතිකව පවා අතිශය ජනප්‍රිය බිග් බොස් වැඩසටහන් මාලාවේ 15 වැනි අදියර මේ දිනවල ඉන්දියාවේ රූගත කෙරේ.

වැඩසටහන මෙහෙයවන්නේ සුපිරි බොලිවුඩ් තරුවක් වන සල්මන් ඛාන් විසිනි.

එහි සති අන්තයේ පැවැත්වෙන ‘නවරාත්‍රි විශේෂ’ වැඩසටහන ඊයේ විකාශය වූ අතර ඊට විශේෂ ආරාධිත ශිල්පිනියක් ලෙස යොහානි එක්වුණි.

මෙහිදී යොහානි සමග සල්මාන් ඛාන් “මැණිකේ” ගීතය ගායනා කළේය.

පසුව ඇය, සල්මාන් ඛාන් රංගනයෙන් දායක වූ ‘ප්යාර් කියා තෝ ඩර්නා කියා’ චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයක්ද ගායනා කළේය.