මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් (ආසන්න වශයෙන් රුපියල් කෝටි 32) ගෙවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.
එහි අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 800,000ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් කෝටි 16ක් හිමිවනු ඇත.
එහිදී අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදු වූ කණ්ඩායම් දෙකට ඇමරිකානු ඩොලර් 400,000 (ආසන්න වශයෙන් රුපියල් කෝටි 8ක්) බැගින් හිමි වීමට නියමිතය.
ඒ අනුව සමස්තයක් වශයෙන් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බෙදී යන මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 5.6ක් බවට ගණන් බලා තිබේ.
අවසන් වරට 2016 වසරේ පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී මෙන්ම මෙවර සුපිරි 12 වටයේ තරගාවලියේදීත් කණ්ඩායමක් ලබන සෑම ජයග්‍රහණයකටම ඇමරිකානු ඩොලර් 40,000ක් (ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 80ක්) පිරිනැමෙනු ඇත.
සුපිරි 12 වටයේ පැවැත්වෙන තරග 30කදී පිරිනමන මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් කෝටි 24කි.
එමෙන්ම සුපිරි කණ්ඩායම් 12 වටයෙන් ඉවත්වන සෑම කණ්ඩායමකටම ඇමරිකානු ඩොලර් 70,000 බැගින් (ආසන්න වශයෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂය) පිරිනැමෙනු ඇත.