ශ්‍රී ලංකාව ලකුණු 70 ක ජයක් සමඟින් සුපිරි 12 වටයට

0
131

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය ලකුණු 70 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුළු 7 දැවී ලකුණු 171 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී වනිඳු හසරංග ලකුණු 71 ක් ලබාගත් අතර පැතුම් නිස්සංක ලකුණු 61 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 3 කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 101 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මහේෂ් තීක්ෂණ කඩුළු 3 ක් සහ ළහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුළු 2 බැඟින් සහ දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් වුණා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ අයර්ලන්තය සමඟ පැවති තරඟය ලකුණු 70 කින් ජය ගැනීමත් සමඟ සුපිරි 12 දෙනාගේ වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

ඒ අනුව සුපිරි 12 දෙනාගේ වටයට තේරී පත්වූ පළමු කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

පන්දුවට පහර දීමේදී පන්දු 47කට ලකුණු 71 රැස් කරමින් හා පන්දු යැවීමේදී පන්දු වාර 4ක් තුළ ලකුණු 12කට කඩුල්ලක් දවා ගත් වනිදු හසරංග තරගයේ වීරයා විය