මෙරට සිදුවූ පළමු සය දරු උපත *Photos

0
143

ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වී ඇත. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සීසේරියන් සැත්කමකින් සිදු කෙරුණු මෙම දරු උපත අද අලුයම 12 පසු වී මිනිත්තු කිහිපයකින් සිදු කර ඇත. 

මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැනු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකු වන අතර අතර ඔවුන්ගේ මවුපියෝ කොළඹ අයිඩීඒච් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. 

දරුවන් හය දෙනාම මේ වන විට යහපත් තත්ත්වයේ පසුවන බව රෝහල් බලධාරීහු පවසති.

මේ දරුවන් නිරුපද්‍රිතව රැකබලා ගැනීම අතිශය අභියෝගාත්මක රාජකාරියක් බව වෛද්‍යවරුන්ගේ මතයයි.