බොලිවුඩ් නිළි අනන්‍යා පාන්ඩේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයට

0
279

ජනප්‍රිය බොලිවුඩ් නිළි අනන්‍යා පාන්ඩේගෙන් ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය ප්‍රශ්නකර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන්ව අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසු ඇයගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් අනන්‍යාගේ සිදුකළ ප්‍රශ්න කිරීම් සහ ආර්යන් ඛාන්ව අත්අඩංගුවට ගැනීම අතර සම්බන්ධතාවයක් තියනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් එම කාර්යංශය තවමත් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නැහැ.

පිට පිට දෙවැනි දිනටත් තමන් මෙලෙස ප්‍රශ්න කිරීමට කැඳවීම සම්බන්ධයෙන් අනන්‍යා පාන්ඩේ ද කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැතිවීම විශේෂත්වයක්.

මුම්බායි හි නෞකාවක පැවති සාදයකට සහභාගී වෙමින් සිටිය දී බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන් ඇතුළු පිරිසක් ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය විසින් පසුගියදා අත්අඩංගුවට ගත අතර මේ වනවිට  ආර්යන් ඛාන් පසුවන්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි.

කෙසේ වෙතත් ඔහුට ඇප ලබාදීමට අධිකරණය විසින් කිහිපවරක් ප්‍රතික්ෂේප කළ අතර පසුගිය දා ඔහුව බැලීම සඳහා ෂාරුක් ඛාන් රක්ෂිත බන්ධනගාරයට පැමිණියා.