පාකිස්තානයට කඩුලු 10ක ඓතිහාසික ජයක්

0
265

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති තරඟය කඩුලු 10කින්  ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම අද (24) සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව, ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 151ක් ලබා ගත්තේය.

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක විරාත් කෝලි ලකුණු 57ක් රැස්කළ අතර රිෂාබ් පාන්ට් 39ක් රැස්කළේය.

පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂහීන් ෂා අෆ්රිඩි කඩුලු 3ක් දවාගත් අතර හසන් අලි කඩුලු 2ක් දවාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තානය කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5ක් තුළ ජයග්‍රහණය වාර්තා කිරීමට හැකිවිය.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් නායක බාබර් අසාම් නොදැවී ලකුණු 68ක් රැස්කළ අතර මොහොමඩ් රිස්වාන්  නොදැවී ලකුණු 78ක් රැස්කළේය.