ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් අත්හිටුවන බව කී රාජා කොල්ලුරේට වැඩ වරදී

0
130

රාජා කොල්ලුරේ මහතා ව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත් කර තිබේ.

ඔහු වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ද වෙයි.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය අද (24) රැස්වී එම තීරණය ගෙන තිබේ.

පාසල් ආරම්භ කිරීමෙන් පසු වර්ජනයේ නිරත වන වයඹ පළාත් ගුරු – විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවන බව පසුගියදා ඔහු විසින් ප්‍රකාශ කිරීමත් සමග ඒ පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් දිනාගෙන තිබුණි.