2022 ලෝක කුසලානයට සෘජු ප්‍රවේශය හිමි කණ්ඩායම් – ශ්‍රී ලංකාව නැවතත් සුදුසුකම් ලැබීමේ වටයට

0
179

2022 ජාත්‍යන්තර පන්දුවාර 20 තරගාවලියේ සුපිරි 12 කණ්ඩායම් අතරට නිතරගයෙන්ම එක්වීමට රටවල් 8ක් සමත්ව සිටිනවා.

ඒ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, පකිස්ථානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශයයි.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අයි සී සී ශ්‍රේණිගත කිරීමේ 9 සහ 10 ස්ථානවල පසුවන බැවින් ලබන වසරේ තරගාවලියේදී ඔවුන්ට නැවතත් සුදුසුකම් ලැබීමේ වටයට තරග කිරීමට සිදු වනවා.

මෙවර සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කර තරගාවලියට එක්වූ බංග්ලාදේශ කණ්ඩායම 2022 තරගාවලියේ පළමු රටවල් 8 අතරට පැමිණ සිටීම හේතුවෙන් ඔවුන් සුදුසුකම් ලැබීමේ තරගවලට එක්වීමට අවශතාවක් නැහැ.

මෙවර සුපිරි 12 කණ්ඩායම් අතර සිටි ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම් ලබන වසරේ සුදුසුකම් ලැබීමේ තරගවලට ක්‍රීඩා කිරීමට නියමිතයි.