පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ අද(07) පැවති තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදා කඩුලු 8කින් ජය ලබන්නට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.
මෙම ජයත් සමඟ නවසීලන්ත කණ්ඩායම විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
නවසීලන්තය ලැබූ මෙම ජයග්‍රහණයත් සමග එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව තබා තිබූ බලාපොරොත්තුව බොඳවී ගියා.
ඒ අනුව එම කාණ්ඩයෙන් මේ වන විට පකිස්ථානය සහ නවසීලන්තය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
පළමු කාණ්ඩයෙන් වසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගෙන ඇත්තේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවයි.