නවසීලන්තයට එරෙහිව ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට

0
144

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්ථානයට ලබාදීමටය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 4ක් දැවී නියමිත පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 176ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම  කඩුලු 5ක් දැවී පන්දුවාර 19කදී ලකුණු 177ක් ලබා ගනිමින් තරගය ජයගැනීමට සමත් විය.

 2010 අනු ශූරයන් වූ ඕස්ට්‍රේලියාව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට පිවිසි දෙවැනි අවස්ථාව මෙය විය.

ඒ අනුව ඉරිදා (14 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අවසන් තරගයේදී නවසීලන්තයට එරෙහිව ඕස්ට්‍රේලියාව තරග බිමට පිවිසෙනු ඇත.

පෙරේදා (10 වැනිදා) අබුඩාබිහිදී පැවැති පළමු අවසන් පූර්ව තරග‍යේදී එංගලන්තය පරාජය කළ නවසීලන්තය කල් වේලා ඇතිවම අවසන් මහ තරග‍යේ ස්ථානයක් වෙන්කරවා ගත්තේය.