මහේල ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට

0
147

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් ඇතුළත් ICC Hall of Fame ලැයිස්තුව සඳහා නම් කර තිබේ.

මහේල ජයවර්ධනට අමතරව දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ෂෝන් පොලොක් සහ එංගලන්ත ක්‍රීඩිකා ජැනෙට් බ්‍රිටින් ද Hall of Fame ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

2009 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම නම් කිරීම සිදුකරන අතර ප්‍රවීණ ක්‍රීඩකයින් වූ මුත්තයියා මුරලිරදන් 2016 වසරේදීත් කුමාර් සංගක්කාර 2021 වසරේ දීත් ICC Hall of Fame ලැයිස්තුවට ඇතුළත් විය.

ඒ අනුව එම ලැයිස්තුවට ඇතුළත් වූ තෙවන ශ්‍රී ලාංකිකයා බවට මහේල ජයවර්ධන පත්වෙයි.

හෙට පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලානයේ අවසන් තරගයට සමගාමීව මෙම නම් කිරීම සිදු කර තිබෙනවා.

මහේල ජයවර්ධන අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් ලැයිස්තුවට ඇතුළත් කෙරුණේ 1996 – 2016 කාලයට අදාළවයි.