ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

0
114

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අද (23) යි.

නමුත් අධික වර්ෂාව හේතුවෙන් අද දිනයේ තෙවැනි වරුවේ ක්‍රීඩා කිරීමට හැකියාව නොලැබිණි.

ඒ වනවිට සංචාරක කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 224ක් රැස්කර තිබුණි.

දිනය ආරම්භකරන විට කොදෙව්වෝ කඩුලු 6 ක් දැවී ලකුණු 113ක් රැස්කරගෙන සිටියහ.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස කයිල් මේයර්ස් ලකුණු 45කට දැවී ගියේ දිමුත් කරුණාරත්න ගේ විශිෂ්ට උඩපන්දු රැකීමක් හේතුවෙනි.

පන්දුයවන්නා ධනංජය ද සිල්වා.

මේයර්ස් ලකුණු 45යි.

ජේසන් හෝල්ඩර් ලකුණු 36ක් රැස්කළ අතර ලංකා පන්දු යවන්නන්ට තදින් පහරදුන් රකීම් කෝන්වොල් ලකුණු 39යි. ඔහු 4 පහර 5ක් සහ එක 6 පහරක් එල්ල කළේය.

පන්දු යැවීමෙන් රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3 බැගින් දවා ගත්හ.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 386ක් රැස්කළහ.