පාන් ගෙඩියක් රුපියල් 100 ක් වෙයිද.?

0
197

අවම වශයෙන් මේවනවිට පාන් ගෙඩියක මිල රුපියල් 100 ක් පමණ විය යුතු බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට එම සංගමය තීරණය කළා.

ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක නව මිල රුපියල් 80 ක්.

එම සංගමය සඳහන් කරන්නේ තිරිඟු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙස ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල ඉහළ දැමෙන බවය.

තිරිගු පිටි මිල ඉහළ යාම හේතුවෙන් කොත්තු, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර වර්ගවල මිල හෙට සිට ඉහළ දමන බවයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ.