ජනපතිට ලැබුනු ගෞරව නාමය

0
94

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකාධීෂ්වර පද්ම විභූෂණ ගෞරවාභිධානය අද පිරිනැමුවා.

ඒ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් අද(02) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේදී පැවැති උත්සවයකදීයි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත එම ගෞරව නාමය පිරිනැමුවා