රටේ ජනප්‍රියම පුද්ගලයා

0
106

රටේ ජනතාවගේ ගැටලු වලට සිව් මසක් තුල විසදුම් ලබා දිමට වත්මන් රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ අද(7) සෞභ්‍යයා වැඩසටහන යටතේ නාවලපිටිය වැලිගම්පල ප්‍රදේශයේ පවුල් 100 කට ගම්මිරිස් සහ පොල් පැළ ලබා දිමේන් අනතුරුව පැවති ජන හමුවේදිය.

මෙහිදි වැඩ් දුරටත් අදහස් දැක්වු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ ගත වු මාස 07 තුල මේ රටේ ජනප්‍රියම පුද්ගලයා වුයේ තමන් බවයි.

ගොවියන් උද්ඝෝෂණය කරමින් තමන්ගේ අනරුවන් සාදා ඒවාට ගිනිතැබුවද ,එය තමන්ගේ ඉදිරි වැඩපිලිවෙලට බාධාවක් කර නොගත් බවයි.

ජනාධිපතිතුමා සිදු කරන කාබනික පොහොර භාවිතය සම්බන්දයෙන් සිදු කරන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනිමට තම උපරිම දායකත්වය ලබා දෙන බවත් රසායනික පොහොර අනායනය කලද කාබනික පොහොර වගාව දිගටම සිදු කරන බවයි අමාත්‍යය වරයා කියා සිටියේ.