රොස් ටේලර්ට සුපිරි සමුගැනීමක්

0
78

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙක් වූ රොස් ටේලර් අද(11) ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.

ඒ නවසීලන්ත – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේදීයි.

එම තරගයෙන් ඉනිමක සහ ලකුණු 117ක ජයක් ලැබීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

එහිදී විශේෂත්වය වූයේ, බංග්ලාදේශ කණ්ඩායමේ අවසාන කඩුල්ල හිමිකර ගැනීමට රොස් ටේලර් සමත් වීමයි.

එය ඔහුගේ තෙවැනි ටෙස්ට් කඩුල්ල වූ අතර 2007 වසරේදී ටෙස්ට් පිටියට පිවිසි ටේලර්, ටෙස්ට් තරග 112කදී ලකුණු 7,683ක් රැස්කර තිබේ.

ඊට ශතක 19ක් සහ අර්ධ ශතක 35ක් අයත් විය.

රොස් ටේලර් විසින් බංග්ලාදේශ ඉනිෙම් අවසාන කඩුල්ල දවාගත් අවස්ථාව දැක්වෙන වීඩියෝවක් පහතින්,