මෙවර රාජ්‍ය වෙසක් උත්සවය(2022) බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු සාකච්ඡාවකදී ඊයේ(12) තීරණය කෙරිණි.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල වෙසක් උත්සව සංවිධාන කිරීමට අවධානය යොමු කරන්නැයිද අගමැතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මේ අතර නාගදීප රජ මහා විහාරය පූජා භූමියක් ලෙස නම් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි අගමැතිවරයා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.
අගමැතිවරයා මෙසේ උපදෙස් දුන්නේ අරලියගහ මන්දිරයේදී පෙරේදා(12) පැවති සාකච්ඡාවකදීය.
රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට සමගාමීව කූරගල ඓතිහාසික පුදබිම පූජා භූමියක් බවට පත් කිරීමට අවධානය යොමු කරන ලෙසද අගමැතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වෙසක් බැති ගී සංදර්ශන දන්සල් වෙසක් පහන් කූඩු තරග, පරිසර සංරක්ෂණ වැඩසටහන්, විශේෂ ආගමික වැඩසටහන්, සංස්කෘතික වැඩසටහන් පැවැත්වීම කෙරෙහි මෙන්ම විහාරස්ථාන දහම් පාසල් සහ පිරිවෙන් නඟාසිටුවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සෞඛ්‍ය අංශවල උපදෙස් මත පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු රජයක් ලෙස සූදානම් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
වෙසක් උත්සවයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා දේවී දේවි වන්නිආරච්චි මහත්මිය මෙහිදී කරුණු පැහැදිලි කළාය.